NIPAH | නිපා වෛරසය |Covid 19 වලට වඩා භයානක Nipah වෛරසය | MLTAnushika Perera #nipahvirus #nipah#නිපා3

NIPAH | නිපා වෛරසය |Covid 19 වලට වඩා භයානක Nipah වෛරසය | MLTAnushika Perera #nipahvirus #nipah #නිපා
NIPAH වෛරසය

අපේ අසල්වැසි රටේ සිදුවූ සිදුවීමක් නිසා බොහෝ දෙනෙක් අපගෙන් ඉල්ලීමක් කලා NIPAH වෛරසය ගැන වීඩියෝ එකක් කරන්න කියලා
ඉතින් අද අපි කතා කරන්නේ NIPAH වෛරසය පිලිබදවයි

මිනිසුන් තුල උග්‍ර ස්වසන ආසාදන ( Acute Respiratory Infection) හා මාරාන්තික එන්සෙෆලයිටිස් (Fatal Encerpelities) තත්ව දක්වා සායනික තත්ව ඇති කරන්න මෙම NIPAH වෛරසයට හැකියාව ඇත.
ලෝක සෞඛ්‍යය සවිධානය (WHO) පවසන අන්දමට මෙහි මරණ අනුපාතය 40% – 75% අතර වේ.
නමුත් මෙම තත්ව කලමනාකිරීමට ඒ ඒ රට වල සෞඛ්‍යය පද්ධති වලට ඇති හැකියාව අනුවද මෙහි මරණ අනුපාතය අඩු වැඩි විය හැකිය.

මුලින්ම NIPAH වෛරසය වාර් තා උනේ 1999 දී මැලේසියාවේදීය.

2001 දී බග්ලාදේශයෙනුත් රෝගීන් වාර් තා වී ඇත.

ඉන්දියවේද වරින් වර රෝගීන් වාර් තා වී ඇති අතර මේ වන විටද ඉන්දියාවේ රෝගීන් වාර්තා වන අතර මරණ කීපයක්ද වාර් තා වී ඇත.
කාම්බෝජය, ඝනාව, ඉන්දුනීසියාව, මැඩගස්කරය, පිලිපීනය ඇතුලු රටවලද වරින් වර නිපා වෛරසය වාර් තා වී ඇත

වෛරසය සම්ප්‍රේෂනය (බෝවන ) වන ආකාරය

ඌරන්ගෙන් හා වවුලන්ගෙන් මෙය මුලින්ම මිනිසාට සම්ප්‍රේශනය වී ඇත.
NIPAH ආසාදිත ඌරන්ගේ තරල වලට නිරාවරනය වීමෙන් මිනිසාට එය බෝ වී ඇත.
එමෙන්ම ආසාදිත වවුලන්ගේ තරලවලට (මුත්‍රා හා කෙල )නිරාවරනය වූ පලතුරු නිසාද මිනිසාට ආසාදනය වී ඇත.
මිනිසාගෙන් මිනිසාට නිපා බෝවන්නේ සමීප ඇසුර නිසාය.
උදාහරනයක් ලෙස NIPAH ආසාදිත රෝගියෙක්ගෙන් ඔහුගේ පවුලේ අයට , ඔහු ඇසුරු කරන අයට හා ඔහුට ප්‍රතිකාර කරන අයට බෝ විය හැකිය

රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් රෝග ලක්ෂන ඇතිවන්නේ වෛරසය ආසාදනය වී දින 4 – 14 දක්වා කාලයකදීය ( නමුත් සමහර රෝගීන්ට මීට වඩා වැඩි කාලයක් ගතවූ අවස්තාද ඇත )

*මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ ලෙස
උණ
හිසරදය
මාශ පේශි වේදනාව
වමනය
උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ හදුනා ගෙන ඇත.

*තවදුරටත් රෝගය උත්සන්න වීමේදී
කලන්තය
ප්‍රානවත් බව අඩු වීම
හා සිහි කල්පනාව අඩු වීම වැනි තත්ව දැක ගත හැකිය.

*අසාද්‍යම තත්ව ලෙස ස්නායු රෝග හා ස්නයු අවහිර වීම්
අසාමාන්‍යය නිව්මෝනියා තත්ව
හා උග්‍ර ස්වසන අපහසුතා ඇතුලු ස්වසන පද්ධතිය හා පෙනහලු ආශ්‍රිත සoකූලතා හා සමහර රෝගීන් කෝමා තත්වයට පත්වීම් ද දැකිය හැකිය.

අසාදනය වී සුව වූවත් සමහර රෝගීන්ට දිගු කාලීන ස්නායු ආබාධ වලට මුහුණ දීමට සිදුවූ අවස්ථාද වාර් ථා වී ඇත

වෛද්‍යය රසායනාගාර පරීක්ෂන
මෙය හදුනා ගැනීමට වෛද්‍යය රසායනාගාර පරීක්ෂන ඇත.
ELISA හා PCR Method රසායනා ගාර පරීක්ෂන මේ අතර වේ.
මීට අමතරව සැක සහිත රෝගීන්ගේ තරල CULTURE Test වලට බාජනය කිරීමෙන්ද නිපා වයිරසය හදුනා ගත හැකිය.

ප්‍රතිකාර
මේ සදහා නිශ්චිත ඖෂධයක් හෝ එන්නතක් දැනට නොමැත.

නමුත් රෝගියාට ඇතිවන රෝග ලක්ශන වලට හා සoකූලතා වලට ප්‍රතිකාර කරමින් දැඩි සත්කාර ඒකකයක් තුල රදවා ගනිමින් නිරීක්ෂනය කරමින් ප්‍රතිකාර කිරිම සුදුසු බව ලෝක සෞඛ්‍යය සවිධානය(WHO) නිර් දේශ කර ඇත

NIPAH Virus ව්‍යාප්ත වීම වලක්වා ගන්නේ කෙසේද

නිපා ව්‍යාප්තවීම වලක්වා ගැනීමට අපට කල හැකි පහසුම දේ රෝගය බෝ කිරීමට හැකි අවධානම් සාධක ගැන හොදින් දැනුවත් වී ඒවාට නිරාවරණය වීම අවම කර ගැනීමයි.
උදාහරන ලෙස
වවුලාගෙන් සම්ප්‍රේශනය වීම අවම කර ගැනීමට නම් නැවුම් පලතුරු එලවලු ලබා ගැනීම අවම කල යුතුය. ( පිසින ලද එලවලු , පලතුරු ලබා ගත යුතුය,)
ඌරන්ගෙන් සම්ප්‍රෙශනය වීම වැලැක්වීම සදහා එම අදාලා සත්ව ගොවිපලවල් වලට ඇතුලු වන්නන් සෞඛ්‍යය ආරක්ශිතව ඇතුලු වීම හා ඊට අමතර එම සත්ව නිශ්පාදන පාරිබෝජනයට ගැනීමෙන් වැලකිය යුතුය.
මීට අමතරව ආසාදිත පුද්ගලයෙක්ගෙන් වෛරස ආසාදනය වීම වැලැක්වීම සදහා එම රෝගීන් සමග සමීප සම්බන්දතා නොපැවැත්විය යුතුය.
රෝගීන්ට උපස්තාන කිරීමේදී ද පුද්ගල දුරස්තබාවය රැක ගත යුතුය.
මෙහිදී PPE ( Personal Protective equipment) බාවිතා කිරීමද අනිවාර්‍යය වේ.
නිතර අත් සේදීම වැනි සනීපාරක්ශක පුරුදු දිගටම නිවැරදිව කරගෙන යාමද ඉතා වැදගත් වේ
එමෙන්ම සෞඛ්‍යය අoශවල සේවය කරන, රෝගීන් හා සෘජුවම සම්බන්ද වන වෛද්‍යය වරු, හෙදියන් හා අනෙකුත් කාර්‍යය මන්ඩලය මෙන්ම, රෝගීන්ගේ Sample පරීක්ශා කරන රසායනාගාර තාක්ශන වෙදීන් හා එම සාම්පල් හසුරුවන අනෙකුත් රසායනාගාර කාර්‍යය මන්ඩලයද එම Sample වලට නිරාවරනය නොවීමට ප්‍රවේශම් විය යුතුය.

දැනුවත් වීම හා කල්පනා කාරීව කටයුතු කිරීමෙන් මෙම තත්වය සමනය කර ගත හැකිය

MLT Anushika Perera
#AYUBOWAN #ආයුබෝවන්
#diagnosing disease #treating for them #avoiding
#රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම

#AYUBOWAN #ආයුබෝවන්ஆயுபோவன்
#diagnosing disease #treating for them #avoiding
#රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම
#Anushika Perera # MLT Anushika
#AYUBOWAN #ආයුබෝවන් #ஆயுபோவன்
#diagnosing disease #treating for them #avoiding
#රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම

நோய் கண்டறிதல் #சிகிச்சை #தடுப்பு

https://www.youtube.com/watch?v=X-pPl…
https://www.youtube.com/watch?v=pVyOw…
https://www.youtube.com/watch?v=tiE1x…
https://www.youtube.com/watch?v=Li_NR…
https://www.youtube.com/watch?v=3AC-9…

https://youtu.be/FeEw7IHOPpE

Coleta e exame do COVID-19 EPI – Ep.3

Acompanhe nesta série todos os procedimentos adotados pelo Tommasi Laboratório para a realização do exame que detecta a COVID-19.⠀
Neste segundo vídeo, mostramos como nosso profissional realiza, utilizando todos os EPI (equipamentos de proteção individual), a coleta das amostras.
Lembrando que a coleta para o “Corona Vírus” é APENAS domiciliar e o profissional vai se paramentar na porta da casa do cliente e retirar todo equipamento também na porta da casa, antes de sair, carregando com ele o lixo para descarte apropriado.⠀

WhatsApp:⠀
(27) 99899-0094⠀
(27) 99779-8212⠀
Telefone:⠀0800 002 7700⠀

#porsuavida #fiqueemcasa

Does weight affect needle size for the COVID-19 vaccine? VERIFY

Several social media posts claim if you are over 200 pounds and are getting a vaccine like the COVID-19 vaccine, you actually need a bigger needle for the vaccine to be effective. But is this true?

The severity of the COVID-19 pandemic has faded, but there are still hundreds of hospitalizations and hundreds of deaths in the U.S. each week. That’s why the CDC endorsed new COVID-19 vaccines for everyone 6 months and older. The shots became available nationwide in September.

THE QUESTION
If you are over a certain weight, you need a 1.5-inch needle and not a standard 1-inch needle for some vaccines.

THE ANSWER
Yes, if you are over a certain weight, you need a 1.5-inch needle and not a standard 1-inch needle for some vaccines.

WHAT WE FOUND
The CDC has a list of recommendations for how long the needle should be for administering a vaccine, depending on your age and weight. For women who weigh more than 200 pounds or men who weigh more than 260 pounds, a 1.5-inch needle is recommended. #WakeUpCLT #VERIFY #COVID19

READ MORE: https://www.wcnc.com/article/news/verify/verify-overweight-vaccine-needle-differences-large-size/275-d3c47e58-337c-40b9-9e5c-118463efa4ac